Spread the love

මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය රථ ගාල් තුනම පිරි පැවති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. පි. එස්. වීරසේකර මහතා පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ මෙම සති අන්තය තුලදිද ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනි බවත්ය.

එසේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග එම වන්දනාකරුවන් පැමිනි රථ වාහනවලින් නල්ලතන්නියේ ස්ථාපිත කර ඇති රථ ගාල් තුනම පිරි පැවති බවද ඔහු පැවසිය.

මේ වන විට ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනෙන විදෙස් සංචාරකයන්ගේ වැඩි විමක්ද දක්නට හැකි බවත් ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනෙන සියළුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ උපදෙස් මත විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවද වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.