Spread the love

නාගොඩ සුමන.

පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය මාර්තු අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

ජනවාරි මාසයට සාපේක්ෂව මෙම මාසයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියී.

ලබන මාසයේ සිට දිවයිනට පළමු අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ඇතිවිය හැකිය.

එය අප්‍රේල් දක්වා පවතියී.

එම කාලයේදි ද අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව වැඩිදුරටත් පැවසීය.