Spread the love


නිමල් රාජපක්ෂ –
”ඇල්ල ඹඩිසි ”නමින් සංචාරකයින් සදහාම ආරම්භ කළ විශේෂිත දුම්රියයක් අද (10) පෙරවරු 8.00ට නානුඹය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරිණ.
මෙරටට ක්‍රියාත්මක කිරිමට නියමිත සංචාරක කර්මාන්ත ය වැඩි දියුනු කිරිම පෙරදැරිකරගෙන දැනට පැමිණ සිටින සංචාරක යින්ගේ ඉල්ලිම මත ප්‍රවාහන මහා මාර්ග වරාය සිවිල් ගුවන් සේවා ඇමති බිමල් රත්තානය මහතාගේ උපදෙස් මත මෙම විශේසිත දුම්රිය ආරම්භ කල බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි

මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ සෑම දිනකම නානුඔය දුම්රිය ස්ථානයෙන් පෙරවරු 08.30 ට බදුල්ල බලා ධාවනය වන අතර, බදුල්ල දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය නැවත පස්වරු 01.00 ට නානුඔය බලා ධානවය කිරීමට කටයුතු යොදා ඇත.

මෙහි පළමු පංතියේ වායුසමිකරණය කරන ලද මැදිරියේ එක් පුද්ගලයෙකු සඳහා රුපියල් 7000.00 ක් ද දෙවන පංතියේ වෙන් කල ආසනයක් රුපියල් 6000.00 ක් ලෙස ද තෙවන පංතියේ වෙන් කල ආසනයක් සඳහා රුපියල් 5000.00 ක් වශයෙන් ගාස්තු අය කරනු ලැබේ.

සමිට් ලෙවල් හා එන්ජින් දිය ඇල්ල ආසන්නයේ දී දුම්රිය සෙමින් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර ඉදල්ගස්ඉන්න හා ආර්ක්කු නවයේ පාලම වැනි සුන්දර ස්ථාන දැක බලා ගැනිමේ පහසුකම් සැලසෙනු ඇත. පසුගිය දිනවල විශේෂයෙන්ම බදුල්ල ප්‍රවේශ පත් සඳහා වැඩි ඉල්ලුමක් පවතින බැවින් මෙම විශේෂ දුම්රිය ධාවනය කිරීම තුළින් පැවති අක්‍රමිකතා වැලැක්වීමට බලාපොරොත්තු වේ.
සංචාරකයින් අරඹයාම දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය දින මහනුවර සිට නානුඔය දක්වා ද විශේෂ දුම්රිය ගමන් වාරයක් ද ආරම්භ කරන කල බවද ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැසුවේය.