නිමල් රාජපක්ෂ–
ශ්‍රී ලංකාව තුළ දියත් කෙරෙන ව්‍යාපෘති වලට සහායවීමට තම රජය ඉතාම කැමැත්තක් දක්වන බවත්, ආර්ථික අර්බුද හමුවේද කොරියානු රජය මෙරට තුළ ස්ථාපිත කරතිබූ ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන ගිය බවත්, ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවත්නා ද්වීපාර්ශවීය සබඳතාව තවදුරටත් වර්ධනය කරගැනීම වෙනුවෙන් කටයුතු කරන බවත්, කොරියානු තානාපතිනි මියොන් ලී මැතිණිය පැවසුවාය
තානාපතිණිය මෙම අදහස් පළකලේ, පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ සභානායක කාර්යාලයේ පැවති නිල සාකච්ඡාවකට එක්වෙමිනි.
සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග පැවති මෙම සාකච්ඡාවට කොරියානු නියෝජ්‍ය තානාපතිනී ෂෝන්ග් සී ජුන්ග් මැතිණිය ද සහභාගී වුවාය.
දකුණු කොරියාව මේ වනවිට තානාපති සබඳතා පවත්වන රටවල් අතරින් ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවයක් හිමිවී ඇති බව පැවසු කොරියානු තානාපතිණිය, මැදපෙරදිග රටවල් හැරුණු විට ශ්‍රී ලාංකිකයන් වැඩිම ප්‍රමාණයක් රැකියාවන්හි නියුතු වන්නේද තම රට තුළ බවත් පවසන ලදී.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ අවම වරප්‍රසාද සහිතව ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වයන් නගා සිටුවීමටත්, පරිසරය සම්බන්ධ වැඩසටහන් සහ මෘදුකාංග හා දත්ත පද්ධති සම්බන්ධ ව්‍යාපෘතිවලට සහාය ලබාදීමටත් තම රජය සූදානම් බවද ප්‍රකාශ කරන ලදී.
එසේම ජාත්‍යන්තර සෞඛ්‍ය සේවය සම්බන්ධ කොරියානු පදනම, මේ වනවිට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඉතා සමීපව කටයුතු කරන බවද තානාපතිණිය මෙහිදී ප්‍රකාශ කළාය
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා මහාමාර්ගවල තත්ත්වය පිළීබඳව බිමල් රත්නායක අමාත්‍යවරයා සමග වැඩිදුරටත් සාකච්ඡා කළ කොරියානු තානාපතිණිය, ශ්‍රී ලංකාව තුළ දුම්රිය මාර්ග පද්ධතිය දීර්ඝ කිරීම සහ සංවර්ධනය කිරීමද, ගොඩබිම් ප්‍රවාහනය සහ වරාය සංකල්පය පිළිබඳවද, එසේම නුවර නගරය හා ඒ සම්බන්ධ වාහන තදබදය අවම කිරීම සඳහා විසඳුමක් වශයෙන් උමං මාර්ගයක් සකස් කිරීමේ ව්‍යාපෘතියෙක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අදහස් දක්වන ලදී.
