Spread the love

කොටහේන බෙනඩික් මාවතේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට අද රාත්‍රී 7 .00 පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු T-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා පලාගොස් ඇතැයි පොලිසිය සැකකරයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු 43 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් තිබේ
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජි හෙවත් “පූකුඩුකන්නාගේ” සමීපතමයෙකු බව පැවසේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 13 ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි කැනිස්ටන් නේටෝ නමැති පුද්ගලයෙකි.

දෙපාර්ශ්වය අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් මත වෙඩිතැබීම සිදුවූ බවට පොලීසිය සැක පළකරන අතර වෙඩික්කරුවන් සොයා පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන ආරම්භකර තිබේ.