Spread the love

ලොරි රථයක් හා ස්කූටි වර්ගයේ යතුරු පැදියක් එකිනෙක ගැටීමන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළදී අද (12) දහවල් අනතුර සිදුව තිබෙන බවයි ඇල්ල පොලීසිය පවසන්නේ.අනතුරෙන් මියගොස් ඇත්තේ වැල්ලවාය, පේරකැටිය, හල්බොක්ක පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.මිය ගිය පුද්ගලයාගේ මෘත ශරිරය දැනට දෙමෝදර රෝහලේ තබා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.ලොරි රථය හා සැකකාර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ඇල්ල පොලිසිය මගින් සිදුකරනවා.