ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා හෙළිකොප්ටර් යානා යොදා නොගත්තේ එය අසාර්ථක හා අධික වියදම් සහිත වීම හේතුවෙන් බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ පවසයි
ඒ අනුව ගින්න මැඩ පැවැත්වීමට හෙළිකොප්ටර් යොදා ගැනීම තුළින් නිවැරදි ඉලක්කයට ගින්න නිවීමට නොහැකි බවත් එය අසාර්ථක වන බවට තමන් ආරක්ෂක ලේකම්වරයා සමඟ සිදුකළ සාකච්ඡාවේදී අනාවරණය වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
කෙසේ නමුත් මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය..
යළිත් මෙවැනි ගිනි තැබීම් කටයුතු සිදු නොකිරීමට අවශ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
