Spread the love

නීති විරෝධීව ධීවර කටයුතු කළ ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම පිරිස අවුරුදු 18 – 58 අතර වයසේ පසුවන මුලතිව්, පුත්තලම‍, කල්පිටිය, කොට්ටන්තිවු, තෝපුර් සහ මුල්ලියාන් යන ප්‍රදේශයන් හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇතිත් ,ඔවුන් සමඟ ධීවර යාත්‍රා 12ක්, යතුරු පැදියක්, නීති විරෝධී ධීවර දැල් 156ක්, මුහුදු කූඩැල්ලන් 184 සහ හක්බෙල්ලන් 22ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය, මුතූර් ධීවර පරීක්ෂක කාර්යාලය සහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කෙරේ.