යාපනය දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම රෝගී සත්කාර සේවාවක් ලබා දීම අරමුණු කර ගනිමින් යාපනය දිස්ත්‍රික්කය තුල පිහිටි රජයේ රෝහල් වල පවතින මානව සහ භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගිය දා යාපනය දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කරගෙන දිස්ත්‍රික් මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා එ්වාට කඩිනම් විසදුම් ලබා දෙමින් ග්‍රාමීය ජනතාවට ගුණාත්මක, විධිමත් සුව සත්කාර සේවාවක් ලබා දීමට ආරම්භ කර ඇති විශේෂ වැඩපිළිවෙළට සමගාමීව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්රමුඛ අමාත්‍යංශ නිලධාරීන් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදී.
මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාවේදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් කයිට්ස් මුළික රෝහල, වෙලනයි ප්‍රාදේශීය රෝහල, වෙලනයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, කයිට්ස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, යාපනය ශික්ෂණ රෝහල, චාවකච්චේරි මුලික රෝහල, මාන්කුලම් මුලික රෝහල යන රෝහල් වල පවතින මානව හා භෞතික සම්පත් වල අඩුපාඩු සොයා බලා එම ගැටලු වලට කෙටිකාලීන, මධ්‍ය කාළීන සහ දීර්ඝ කාළින විසදුම් ලබා දීමට ද දීමටද පියවර ගත්තේය.
එමෙන්ම යාපනය ශික්ෂණ රෝහල ප්‍රතිසංස්කරණය කරල ලද වාට්ටු දෙකක් ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමට පියවර ගත්අතර යාපනය දිස්ත්‍රික්කයේ සියළුම වෛද්‍ය පරිපාලකයින් සමග විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ද පැවැත්වුහ.
