එදා ඇමතිවරුන් යන යනවිට පසුපසින් ගිය රිය පෙරහැරවල් අද දක්නට නැති බව නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න මහතා සඳහන් කරයි.
තම ආණ්ඩුවේ අමාත්‍යවරු කිසිවෙකු නිල නිවාස භාවිතා නොකරන බවද වර්තමාන ආණ්ඩුවේ පහළම සිටින මන්ත්‍රීවරයා දක්වා අසීමිත වරප්‍රසාද කප්පාදුවකට ලක් කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.
වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගියා නොව තමන් ආණ්ඩුව බාරගන්නා විට ජාත්‍යන්තර මුල් අරමුදලේ සැලසුම තුළ සිරවී සිටි බවද ඒ තත්ත්වය තුළ ඉදිරියට යන්න සිදුවී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවට තවත් අයවැය හතරක් ඉදිරිපත් කිරීමට ඇති බවත් පැවසූ ඔහු තම ආණ්ඩුවේ හතරවන අයවැය ඉදිරිපත් කරද්දී සියලු දෙනාටම සතුටුදායක තැනකට රට පත්කරන බවද ඔහු පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය අමතමින් කියා සිටියේය.
