දෙලක්ෂයක කුඩු සමගින් තරුණියක් අත්අඩංගුවට ..

Spread the love

දිවුලපිටිය ප්‍රදේශයේ මහා පරිමාණව හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු 21 හැවිරිදි තරුණියක් වටලා රුපියල් ලක්ෂ දෙකක් වටිනා හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් සමගින් දිවුලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියෙගෙන් ප්‍රශ්න කිරීමේදී කාලයක් තිස්සේ මත් ජාවාරම සිදු කරන බවත් , ප්‍රදේශ කිහිපයකට මත්කුඩු බෙදා හරින බවත්ය .

ඇය මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට ද නියෝග කර තිබේ.‍ 

සිද්ධිය පිළිබදව දිවුලපිටිය පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරයි