වාහන වායු විමෝචන භාරකාර අරමුදල තෙවන වරටත් සංවිධානය කරනු ලබන “ටියුනප් දන්සැල “හෙවත් නොමිලේ යතුරු පැදි සහ ත්රී රෝද රථ සුසර කර දීමේ වැඩසටහන මැයි මස 15 හා 16 දෙදින නාරහෙන්පිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී උදෑසන 9.30 සිට සවස 3.00 දක්වා පැවැත්වේ.
ජනතාවගේ පහසුව පිණිස සිදු කරන ප්රජා සත්කාරක වැඩසටහනක් වන මෙය ඔස්සේ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කිරීම තුළින් ඉන්ධන සඳහා වැය වන මුදල් ඉතිරි කර දීම මෙන්ම, වාහන විෂදුම අවම කිරීම තුළින් ” ලස්සන රටක් පිරිසිදු හුස්ම පොදක්” අනාගතයට උරුම කර දීම මේ වැඩසටහන තුළින් වාහන වායු විමෝචන භාරකාර අරමුදල අපේක්ෂා කරනු ලබයි.
