Spread the love


නිමල් රාජපක්ෂ-

වායු විමෝචන ප්‍රමිතීන් අනුව ඇතැම් වාහන (පැරණි යතුරු පැදි ,ත්‍රීරෝද රථ )සමත් නොවන බවට ජනතාව තුළ මතයක් පවතින බැවින් එය මැඩලීමට නිවරදි ශිල්පීය ක්‍රමය තුළින්යන සංකල්පය ප්‍රචලිත කිරීම සදහා වායු විමෝචන භාරකාර අරමුදලේ ව්‍යාපෘති කාර්යාලය තෙවන වරටත් සංවිධානය කරන ලබන ”ටියුනප් දන්සැල” හෙවත් නොමිලයේ යතුරු පැදි ත්‍රීරෝද රථ සුසර කර දිමේ වැඩ සටහන හෙට (15 )සහ අනිද්දා (16 )යන දෙදින නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය ඉදිරි පිටදී උදෑසන 9.30 සිට සවස 3.00 දක්වා පැවැත්වෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස ක්‍රියාමත්මක කරන මෙම වැඩසටහන තුළින් ඉන්ධන ධාරිතාව වැඩි කිරිම තුළින් මුදල් ඉතිරි කර දීම සදහා වාහන විෂදුම අවම කිරීම තුළින් ”ලස්සන රටක් පිරිසිදු හුස්ම පොදක් ”අනාගතයට උරුමකරදීම වාහන වායු විමෝචන භාරකාර අරමුදල අපේක්ෂා කරනු ලබයි.
නව රජයේ CLEAN SRI LNKA වැඩ සටහනට සමගාමීව වායු විමෝචන භාරකාර අරමුදලමෙය ක්‍රියාත්මක කරනු ලබයි.