2016 දී ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ සිදු කළ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට ඇප ඉල්ලීම අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ගොනු කළ මෝසමකින් චෝදනා කළේ, සැකකරු තම බිරිඳ හරහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මාධ්‍ය හමුවක් පවත්වන ලෙස ඉල්ලා සිටීමෙන් දැනට සිදුවෙමින් පවතින පරීක්ෂණවලට බාධා කර ඇති බවයි.
මෙම මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කර ඇති බවත්, අල්ලස් කොමිසම චෝදනා කළේය.
කෙසේ වෙතත් අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීම අධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කරමින් පැවසුයේ ඉදිරිපත් කළ කරුණුවලින් සැකකරුගේ ඇප අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන බවය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අප්‍රේල් 8 වන දින චාමර සම්පත් දසනායක ඇප මත නිදහස් කරන ලදී.