Spread the love


නිමල් රාජපක්ෂ-

රුපියල් මිලියන 79ක වටිනාකමින් යුත් ‘කුෂ්’ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ 21 හැවිිරිදි තායිලන්ත ජාතිකයෙකු බන්ඩාරනායක ගුවන්තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සැකකරු, බැංකොක් සිට ක්වාලාලම්පූර් හරහා පැමිණි මැලේසියානු ගුවන් සමාගමේ MH0179 ගුවන් යානයෙන් ඊයේ (18)රාත්‍රියේ 11.55 පමණ පැමිණි අතර, ඔහුගේ ගමන් මලු තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 7.91 ක ‘කුෂ්’ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 79 ක් පමණ වන බව තක්සේරු කරන ලදී.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විමර්ශනය මේ වනවිට පවත්වනු ලබන අතර සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය වැඩි දුර පරික්ෂණ පැවැත්වීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයට භාරදීමට නියමිතය.