නිමල් රාජපක්ෂ
අධිවේගී මාර්ගවල අද සිට කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම් සළසා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.
වත්මන් රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව යමින් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රටතුළ ස්ථාපිත කිරීම උදෙසා නව තාක්ෂණය යොදා ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මුලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙල යථාර්තයක් බවට පත්වී ඇත. මේ තුළින් අධිවේගී මාර්ගවල ගෙවීම් සිදු කිරීමේදී සිදුවන මාර්ග තදබදය අවම වී පහසුව හා කාලය ඉතිරි වීමෙන් ජන ජීවිතයට මහත් අස්වැසිල්ලක් වනු ඇත.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී කාඩ්පත් මගින්අද සිට (21) ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සළසා ඇත.
අන්තර් හුවමාරු 35 ක් සහ පිටවීම් ගේට්ටු 119 ක් තුළ සේවා පහසුකම් ලබාදීමට සුදානම්ව ඇති අතර, නිලධාරී මඩුල්ලක් ද පුහුණු කර අවසන් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.