හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා අද (25)පෙරවරු 10.00 සිට ජාතික චිත්රපට සංස්ථා පරිශ්රයේ තැන්පත් කර තිබේ.
හෙට දිනයේ නිදහස් චතුරස්ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇති බව පවුලේ ඥාතීන් පැවසීය.
අභාවප්රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද දිනයේ චිත්රපට සංස්ථාවට පැමිණෙන ලෙස ඇයගේ ඥාති දියණියක් වන සමනලී ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.
මාලිනි ෆොන්සේකා මහත්මිය පවුලේ සෙසු සමාජිකයින්ට ඉතා සෙනෙහෙබර සහෝදරියක් වූ අතර ඇගේ වියෝව පවුලට මෙන්ම රටට ද දරාගත නොහැකි පාඩුවක් බව ඇයගේ නැගනිය වන රංගන ශිල්පිනි දමයන්ති ෆොන්සේකා මහත්මිය පවසන්නීය.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්ය ගෞරව සහිතව හෙට කොළඹ නිදහස් චතුරස්රයේදී සිදුකිරීමට නියමිතයි.
