ඉරාන – ඊශ්‍රායලය අතර පැවැත්වෙන යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි
මෙහිදි ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි.
රොයිටර් පුවත් සේවයට අනුව ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලට B-2 බෝම්බ හෙලන යානා සම්බන්ධ වූ බවද වාර්තා වේ.
අමෙරිකානු B-2 රහසිගත බෝම්බ හෙලන යානා අමෙරිකානු දූපතක් වන ගුවාම් වෙත ගෙන ගොස් ඇති බවට ඊයේ (21) වාර්තා වූ අතර ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයකට එය සම්බන්ධ විය හැකි බවටද අනුමාන මතු විය.
B-2 බෝම්බ ප්‍රහාරක යානා යනු අමෙරිකාවේ බංකර් බ්ලාස්ටර් බෝම්බ රැගෙන යා හැකි එකම ගුවන් යානා වන අතර ඉරාන ප්‍රහාරයට අමෙරිකාව භාවිත කර ඇත්තේද මෙම ගුවන් යානා බවද වාර්තා වේ.
ප්‍රහාරයෙන් පසු Truth Social හී සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ සියලුම ගුවන් යානා ආරක්ෂිතව නිවෙස් බලා යමින් තිබෙන බවත් දැන් සාමයට කාලය වන බවත්ය.
මේ අතර ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ට්‍රම්ප් අද ජාතිය ඇමතීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.
