වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පසුගිය දා කොළඹ වරාය ටග් යාත්‍රා අංගනයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රා නිසි අලුත්වැඩියාවකින් තොරව අකර්මන්‍යවීමට ඉඩ හැර ඇති බවක් නිරීක්ෂණය වූ අතර සේවක මහතුන්ගේ අදහස වූයේ ටග් යාත්‍රා අකර්මන්‍යවීම හේතුවෙන් සේවා සැපයීම අඩාල වී ඇති අතර එම නිසා පෞද්ගලික අංශය සමග තරගකාරීව මෙම සේවා සැපයීමේ හැකියාව අහිමිව ගොස් ඇති බවයි.
අනතුරුව ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නිසි අලුත්වැඩියා කටයුතු නොකිරීමෙන් මෙම සේවාව අකර්මන්‍ය වීමකට ඉඩ හැර ඇති බව පෙනී යන අතර මින් ඉදිරියට එලෙස නොවිය යුතු බවයි.
තවද දැනට අකර්මන්‍ය වී ඇති ටග් යාත්‍රා නැවත සක්‍රීය තත්වයට ගෙන ඒම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ගතවන කාලය පිළිබඳ වාර්තාවක් සතියක් ඇතුළත සහ දෛනික ටග් යාත්‍රා සේවා සැපයීම පිළිබඳ වාර්තාවක් මාසිකව නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත එවන මෙන් පවසා සිටින ලදී.
මෙම අවස්ථාවට වෘත්තීය සමිති නියෝජිතයෝ සහ අමාත්‍යාංශ නිලධාරීහු සහභාගි වූහ.
