මන්නාරම, නඩුකුඩා මුහුදු වෙරළ ආසන්නයේ නීති විරෝධීව සඟවා තිබූ බීඩි කොළ කිලෝග්රෑම් 1,365ක් සහ බීඩි 29,000ක තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන ඇත.
නඩුකුඩා මුහුදු වෙරළ තීරයට ආසන්න කැලෑබද ප්රදේශයක මෙම බීඩි කොළ සහ බීඩි තොගය සඟවා තිබියදී සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත්, මෙලෙස කැලෑවේ සඟවා, පසුව එය වෙනත් ප්රදේශයකට රැගෙන යාමට ජාවාරම්කරුවන් විසින් සැලසුම් කරන්නට ඇති බව නාවික හමුදාව සැක කරයි
වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අදාළ බීඩි කොළ සහ බීඩි තොගය මන්නාරම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලයට භාරදීමට පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වෙයි.
