:නිමල් රාජපක්ෂ
කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් එහි ගමනාන්තය අවසන් කොට නැවත කොළඹ කොටුව බලා ධාවනය කිරීමට රඹුක්කන දුම්රිය ස්ථානයේ වේදිකාවට පැමිණීමට දුම්රිය අංගනයේදීම එංජිම සහිත මැදිරිය ක් පිලී පැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් රඹුක්කන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග ත්රිත්වයක් අවහිරව තිබීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානයවෙත දුම්රියන් ඇතුල් කිරීම හා පිට කිරීමට නොහැකිව දැඩි දුෂ්කරතාවය කට පත්වී තිබේ.
මේ හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුර ගමන් සේවා දුම්රියන් බොහෝ සේ ප්රමාද වි ධාවනය කෙරිණ.
