ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ජීවිත නඟාසිටුවීම වත්මන් රජයේ වගකීමක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබාදීම ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ද ‘ප්‍රජාශක්ති’ ජාතික වැඩසටහනේ සමාරම්භයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය.
ඒ අනුව ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම අත්‍යාවශ්‍ය වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
මේ වනවිට ඒ වෙනුවෙන් යම්යම් තීරණයන් ගෙන ඇති බව ද පැවසු ජනාධිපතිවරයා ආර්ථික ස්ථාවරත්වය සඳහා වූ සාධක සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගෙන ඇතැයි ද කියා සිටියේය.
ඉතා හොඳ දත්ත පද්ධතියක් මඟින් සහනාධාර ලැබිය යුතු ජනතාව නිවැරදිව හඳුනාගත් යුතු බවත් ඒ තුළින් ග්‍රාමීය ජනතාවට සහනාධාර ලබාදෙන ආකාරය නිවැරදිව සිදුකළ හැකි බවත් එයට රාජ්‍ය නිලධාරීන් අවංකව මැදිහත් විය යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.
ග්‍රාමීය ජනතාවට ආධාර ලබාදෙන සියලු වැඩසටහන් ඒකාබද්ධ කළ යුතු බව ද පැවසු ජනාධිපතිවරයා, එම කාර්ය නිසිලෙස කිරීමට ප්‍රජාශක්ති වැඩසටහන දියත් කිරීමට අරමුණු කරගත් බවත් කියා සිටියේය.
.
.
.
