Spread the love

නිමල් රාජපක්ෂ.

මීට මාස දෙකකට පමණ පෙර වෙඩි වැදීමකින් තුවාල ලබා ප්‍රතිකාර මත නිකවැරටිය මානිගම ප්‍රදේශයේ සැරිසරමින් සිටි ‘‘භාතිය ‘‘නම් දළ ඇතා වතුර වලක වැටී අනතුරට ලක්ව ඇති බව දැන ගැනීමෙන් වහා ඊට මැදිහත් වූ රාජ්‍ය ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා විසින් මේ පිලිබදව සොයා බලා මෙම ඇතාගේ ජීවිත ආරක්ෂාව සැලසීම සදහා කටයුතු කරන ලෙසට යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ වෙත උපදෙස් ලබාදී ඇත.

වීඩියෝව නරඹන්න

ඒ අනුව යුද්ධ හමුදාධිපති විසින් ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මකවූ 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු සහ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් බටපිරිස් විසින් වනජීවී නිලධාරීන් පැමිනෙන තෙක් ඇතාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා කටයුතු කරන ලදී. එම අතරවාරයේදී දැඩි අව් රශ්මියෙන් පීඩාවිදිමින් සිටි ඇතාගේ සිරුර ජලයෙන් සිසිල් කිරීමට කටයුතු කල හමුදා බටපිරිස් විසින් අව් ආවරණයක් ඉදිකර ඇතා අව්‍ රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලදී.

මීට අමතරව වැලි කොට්ට යොදා හිස් රදවනයක් සාදා ඇතාගේ හිස ජලය තුලට වැටීම වලක්වා ඇත. මේ වනවිට එම ස්ථානයට පැමිණ සිටින වනජීවී නිලධාරීන් හා සම්බන්ධවී ඇති යුද්ධ හමුදා බටපිරිස්, ඇතා මුදවාගැනීමේ ඉදිරි කටයුතුවල නියලී සිටී.