Spread the love

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදු වූ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇත.

ඔවුන් තිදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පිස්තෝලයකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මවක්, 12 හැවිරිදි දියණියක් සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය.

තුවාල ලැබූවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙනු ලැබේ. වෙඩිතැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් හෙළි වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොස්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි