Spread the love

රුපියල් තුන් කෝටි එකොළොස් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා වූ රක්ත මාවත, ඔස්සේ පිට කර යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගුව විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මොහු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි, කරත්තයක් භාවිතා කර එළවළු වෙළදාමේ නිරත වන 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවටයි වාර්තා වන්නේ.

මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තුනට නවන කුඩ 50ක් ද තායිලන්තයෙන් මිළදී ගෙන ඉන් කුඩ 20ක් ඇසුරුම් වලින් ඉවත් කර, එම ඇසුරුම් තුළට මෙම කුෂ් මත්ද්‍රව්‍ය පුරවා රැගෙන විත් ඇති බව අනාවරණ වී තිබෙනවා.

කුෂ්‍ මත්ද්‍රව්‍ය කිලෝ 03 යි ග්‍රෑම් 117 ක් එලෙස සගවා තිබූ අතර, ඒවා අත්අඩංගුවට ගෙන විවෘත කළ පසු දැඩි දුර්ගන්ධයක් ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ පැතිර ගිය බවයි