Spread the love

ජනතාවට සහ රෝගී සත්කාර සේවාවන්ට ඇතිවන පීඩාව පිළිබඳ පසුගියදා පැවති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කිරීමටද විධායක සභාව විසින් පියවර ගන්නා ලදී.

මෙම සියලු කරුණු අද දින පැවති රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.

එහිදී තහවුරු වූයේ මෙම චක්‍රලේඛය මඟින් මෙරට ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවය සහ ඖෂධ ලබාගැනීමට ඇති අයිතිය තවත් කප්පාදු කිරීමක් සිදුවන බවයි.

පවතින ප්‍රායෝගික ගැටළු සමග මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික සහ සාර්ථක නොවන බව විධායක සභාවේ නිගමනයයි.

මෙම ගැටළුව සහ චක්‍රලේඛය සම්බන්ධයෙන් ඉදිරියේදි සෞඛ්‍ය අමාත්‍යතුමා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා සමඟ කඩිනමින් සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තුවෙන් සිටිමු.

සැබවින්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම වනුයේ, චක්‍රලේඛ නිකුත් කර ඖෂධ හිඟය සඟවා දැමීම නොව, සෞඛ්‍ය පද්ධතිය සඳහා අවශ්‍ය ඖෂධ සහ උපකරණ අඛණ්ඩව ඉහළ ප්‍රමිතියෙන් යුතුව සපයා දීමයි. එම වගකීම පැහැරහරිමින්, ඖෂධ හිඟයට විසඳුම් ලබානොදී කල් මැරීම වෙනුවට, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ අත්හළ නොහැකි වගකීමට උරදීමට පාලකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් කටයුතු කළ යුතු බව අවධාරණය කරමු.

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්