Spread the love

අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්ව ඇගේ පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර පසුව ඔහුද ගෙල කපාගෙන මියගොස් තිබේ.

යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති අදාළ තරුණයා විසින් තරුණියගේ මවට සහ පියාට ද කැපුම් තුවාල අද අළුයම සිදුකර ඇති බවයි සදහන් වන්නේ

කෙසේවෙතත් තුවාල ලැබූ මව සහ පියා මේ වනවිට මහඔය මූලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටී.

ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි සරෝජා උදයංගනී නැමති තරුණියක් වන අතර, ඝාතනය සිදුකළ තරුණයා මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පදියතලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.