Spread the love

ජාතික ජන බලවේගය බාරගත්තේ ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තිබිච්ච රටක්’ යයි විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

‘ජාතික ජන බලවේග අපි මේ රට බාරගත්තේ ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තිබිච්ච රටක්.

ආර්ථික වශයෙන් බංකොල්ලොත් වෙලා තිබිච්ච රටක් බාර අරගෙන කෙටි කාලයක් තුළ අපේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කලා.

ඒ වගේම ද්විපාර්ශ්ව ලබා ගත්ත ණය ප‍්‍රතිව්‍යුහගතකරණය දැන් අවසන් වෙමින් පවතිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියත් එක්ක අපි එන්න කලින් පහුගිය ආණ්ඩුව යමින් තිබුණා.

අපි ආවට පස්සේ ඒ සාකච්ඡා කරා දිගටම පවත්වාගෙන යමින් ණය ප‍්‍රතිව්‍යුහගතකරන කිරීමත් මේ ආර්ථිකය ඉලක්ක සම්පූර්ණ කරගැනීම දක්වා වෙච්ච ගමනක් අපි ඉතා සාර්ථකව යමින් තියෙනවා’