Spread the love

නිමල් රාජපක්ෂ
විශේෂයෙන් ප්‍රජා ශක්ති ජාතික වැඩසහන යටතේ රේඛීය අමාත්‍යශ හා එක්ව දියත් කර ඇති ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන සහ ඉදිරි වසර පහ තුළ අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක සුබසාදන ව්‍යාපෘති සහ සංවර්ධන වැඩසටහන් කඩිනමින් අවසන් කලයුතු බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පවසයි.

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය පසුගියදා අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැති අවස්ථාවේදි මේ බව පැවසුවේය.
2025 වර්ෂයේ ක්‍රියාත්මක ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මේ වසර අවසන් වන විට සපුරාලීමට සියළු නිළධාරී කැපවීමෙන් වැඩකල යුතු බවත් එමගින් සමස්ත රටේ සංවර්ධන ක්‍රියාවලියට අමාත්‍යංශයේ උපරිම දායකත්වයක් ලබා දිය යුතු බවත් ඒ මහතා පැවසුවේය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා හා අමාත්‍යංශයට අනුබද්ධ සියළුම ආයතන හා දෙපාර්තමෙන්තු ප්‍රධානීන් හා ඉහල නිළධාරීහු මෙම අවස්තාවට එක්ව සිටියහ.