Spread the love

ලංකාවේ ගුරුවරුන් මූලිකත්වය ගෙන මාලිමාවට කඩේ ගිය බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

එහෙත් දැන් ජනාධිපතිවරයා එම ගුරුවරුන්ට whatsapp හෝ email එකක් දමාගත නොහැකි යැයි අපහාස කරන බව හෙතෙම පෙන්වා දෙයි.

ලෝවැඩ සඟරාව නොදත් දිනපතා පාසල් නොගිය අයකු ඇසුරු කිරීම නිසා ජනාධිපතිවරයා සියලු ගුරුවරුන් ඔහු වැනි යැයි සිතා ඇති බවයි, දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළේ.

ගුරු වෘත්තිය යනු වෙනත් වෘත්තියක් නොමැති නිසා සිදුකරන වෘත්තියක් නොව සුවිශාල කැපකිරීමක් කරන වෘත්තියක් බවත් ඊට කරන අපහාසයම මාලිමාවේ ඉරණම තීන්දු කිරීමට ප්‍රමාණවත් බවත් ඔහු අවධාරණය කරයි.

උත්සව අවස්ථාවක් අමතමින් දිලිත් ජයවීර මහතා මේ බව කීය.