නිමල් රාජපක්ෂ -.
රත්නපුර ජනතාවගේ සිහිනය සැබෑ කරන්න ජනාධිපතිවරයාගේ බජට් ප්‍රොපොසල් එකෙන් රුපියල් මිලියන 250 ක මුදලක් කැළණ්වැලි දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමේ අදාල සමීක්ෂණ කටයුතු සදහා වෙන්කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.
එයට සමගාමීව දුම්රිය දෙපාර්තුමේන්තුව දැනට කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පැය දෙකහමාරකින් ධාවනය වන දුම්රියයක් පැය එකහමාරකින් ධාවනය කිරීමටත්, කොළඹ සිට රත්නපුරයට පැය දෙකකින් ධාවනය කිරීමටත් කටයුතු කරන බවද පැවසුවේය. ඒ තුළින් මගී ආකර්ශනය පැවත්වාගෙන යාහැකියි.
දැනටමත් මැනුම් කටයුතු කරලා ඉවරයි. දැන් මේක කරන ආකාරය පිළිබදව අධ්‍යනයක දැන් කරන්න යන්නේ දැනට දුම්රිය දෙපාර්තුමේන්තුව අවිස්සාවේල්ල දක්වා මාර්ගයේ වැඩි දියුනු කිරීම් කරගෙන යනවා. දුම්රිය මාර්ගය පලමු අදියර ඇහැළියගොඩ බස් නැවතුම දක්වා වැඩි දියුණු කිරීමට නියමිතයි.
ප්‍රවාහන අමාත්‍යංශයේ හා ප්‍රවාහන ඇමතිවරයාගේ අදහස්අනුව අවිස්සාවේල්ල බස් නැවතුම දක්වා මාර්ගය දික්කිරීම ආරම්භක පියවරක් ලෙස සිදු කොට එතැනින් රත්නපුරය දක්වා දුම්රිය මාර්ගය දැමීමට කටයුතු කරනවා . එසේ දුම්රිය මාර්ගය ඉදිකිරිමෙන් පසු කොළඹ සිට රත්නපුරයට පැය දෙකක් වැනි කෙටි කාලයකින් දුමරිය ධාවනය කිරීමට පියවර ගන්නා බවත් බොහෝ කාලයක් තිස්සේ රත්නපුර ජනතාවගේ පැවැති සිහිනයක් සැබෑ වන බවත් ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවසුවේය.
