Spread the love

කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී මරණාධාර සමිති, ග්‍රාම සංවර්ධන සමිති සහ කාන්තා සමිතිවල බලය අල්ලා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

ඔහු කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා පැහැදිලි නියෝගයක් නිකුත් කර ඇති නමුත්, මෙය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ සිදු කළ නොහැකි දෙයක් බවයි.

සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ, මේ වන විට රටේ සෑම ව්‍යුහයක්ම එක්තරා න්‍යායික ආධිපත්‍යයකට යටපත් කර ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

එමෙන්ම, යෞවන සමාජ ක්ෂේත්‍රයේ පහළ සිට ඉහළට යෑමට ඇති අවස්ථාව මේ වන විට අහිමි වී ඇති බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ ‘පුරවැසි හඬ’ (Citizen Voice) වැඩසටහන යටතේ යෞවන සමාජ සාමාජිකයන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකදීය.