නිසි අවසරයකින් තොරව සේවය හැර යාම හේතුවෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබඳ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ වාර්තාවක සඳහන්.
අමාත්‍යාංශයේ වාර්තාවට අනුව, පෙබරවාරි 22 සිට අගෝස්තු 03 දක්වා කාලය තුළ සිදු කරන ලද මෙහෙයුම් වලදී නිවාඩු නොමැතිව රාජකාරී සඳහා නොපැමිණි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 3,504 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සාමාජිකයින් 2,937ක්, නාවික හමුදා සාමාජිකයින් 289ක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 278ක් සිටිනවා.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ, අනවසරයෙන් ඉවත් වූ හමුදා සාමාජිකයින්ට විධිමත් ලෙස නැවත සේවයට පැමිණීමට ඉඩ සලසමින් පසුගිය වසරේදී සහන කාලයක් ප්‍රකාශයට පත් කළ බවයි.
