Spread the love


නිමල් රාජපක්ෂ

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය අසල ප්‍රදේශයේ පසුගියදා ( 04) සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන හයක් වටිනා කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි මෝටර් රථයක් සමගින් සැකකරුවන් 2 දෙදෙනකු නීතියේ රැහැනට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්වී ඇත.
එම මෝටර් රථයේ තිබි කේරල ගංජා කිලෝ විසිනවයයි (29) ග්‍රෑම් නවසිය එකක (901) තොගයක් රැගත් මෝටර් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය, තලෙයිමන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය අසල ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශය ඔස්සේ ගමන්ගත් සැකකටයුතු මෝටර් රථයක් පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම මෝටර් රථය තුල පාර්සල් පහලොවක (15) අසුරා ප්‍රවාහනය කරමින් තිබූ කේරළ කංසා කිලෝ විසිනවයයි (29) ග්‍රෑම් නවසිය එකක (901) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ එම මෝටර් රථය මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.


තවද, අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 ක් සහ 33ක් වන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, කේරළ කංසා තොගය සහ මෝටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.