Spread the love

මිනුවන්ගොඩ ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදි උන්නාරුව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 66ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308ක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

, ඊයේ (08) සවස් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීම සිදුකොට තිබේ.

අත්අඩංගුවට ගත් 37 හැවිරිදි සැකකරු මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.