Spread the love


නිමල් රාජපක්ෂ

පොතුවිල් ප්‍රදේශයේ ගල් අරක්කු බෝතල් වලට වතුර කල වම් කළ අලෙවි කල රටබීම හලක් අද (10) දහවල් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරී වටලා සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න දැනුවත් කිරිමෙන් පසු ඒ මොහොතේම අදාල රටබීම හල සීල් තැබීමට නියෝග කොට තිබේ.
සුරාබදු නිලධාරීන් අදාල රටබීම හලෙන් මත්පැන් මිලදී පරික්ෂා කිරීමේදි අරක්කු බෝතල් වලට වතුර කලවම් කර අලෙවි කර තිබෙන බවට සථාත වී තිබේ. එහිදී ප්‍රසිද්ධ සමාගමක මත්පැන් බෝතල් මුඩි ඉතා සුක්ෂම ලෙස ගලවා වතුර කලවම් කර තැවත කලින් තිබු අයුරින්ම මුඩි සවිකීරීමේ ජාවාරමක් හසුකර ගැනීමට හැකිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.
සුරාබදු නිලධාරින් පරික්ෂා කරන අවස්ථාවේ වතුර කලවම් කර තිබු බෝතල් 33 ක් සොයා ගැනීමට සුරාබදු නිලධාරින් සමත්වී ඇත.
අදාල සිද්ධිය සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න දැණුවත් කල විට තරාතිරම නොබලා සීල් තබන ලෙස නියෝග කොට තිබේ.
අදාල සිද්ධිය පිළිබදව වැඩි දුර පරික්ෂණ පවත්වා ඉදිරියේදී බලපත්‍ර ලාභියා ගේ පෙරවැරදි සලකා බලා දැඩි දඩුවම් පැමිණවීමට නියමිතය. පරික්ෂණ අවසන් වනතුරු අදාල රටබීම හල සිීල් තබා තිබෙන බවද නිරෝෂ් ජයකොඩි මහතා පැවසුවේය.


සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතාගේ උපදෙස් මත එම නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ සහ සුරාබදු අධිකාරි පී.ඒ.සුනිල් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ,කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු කෝප්‍රල්වරුන්වන 899 ධර්මප්‍රිය ද සිල්වා, 1072 එච්.යූ.ආර්.මිහිරංග, 1073 එම්.ආර්.සී.බුද්ධික, සුරාබදු රියදුරු ධනුෂ්ක ,රනසිංහ යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.