Spread the love

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ අද පෙරවරුවේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඒ මුතුර් නගර් ප‍්‍රදේශයේ ඉඩම් ඉන්දියානු සමාගම්වලට ලබාදීමට විරෝධය පල කිරීමටයි.

විරෝධතා කරුවන් කියා සිටියේ ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට මීට කලින් පොරොන්දු වුවත් මෙතෙක් එම එම පොරොන්දුව ඉටු නොවුණු බවයි.

ඒ හේතුවෙන් අද දිනය ඇතුළත සාකච්ඡාවක් ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාවය යෙදුණහ.

ජනාධිපති කාර්යාලයට පිවිසෙන මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන් විරුද්ධතාවයේ යෙදුණු අතර පොලිසිය මැදිහත් ව ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කරන ලදී.