Spread the love

නිමල් රාජපක්ෂ
රුපියල් කෝටි තුනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගේ ප්‍රධානතම ගෝලයකු ගණේමුල්ල පරකන්දෙණිය හෙට්ටිකන්ද අධිවේගී මාර්ගය අසළදී අද(23) අළුයම 4 ට පමණ ගණේමුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අදාල සැකකරු යතුරු පැදියෙන් ගමන් කිරීමේදි සැකපිට යතුරු පැදිය නතර කර පරික්ෂා කිිරිමේදී මෙම මහා පරිමාණ මත්ජාවාරමක් කොටු කර ගැනීමට ගණේමුල්ල පොලීසිය සමත්වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රදේශයේ මහා පරිමාන මත් ජාවාරමක් කරුවකුගේ ප්‍රධාන තම ගෝලයකු බවත් , ගණේමුල්ල කඩවත , ගම්පහ ඇතැළු ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදාහරින බවත් සැකකරුගේ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ අයිස් කිලෝ එකහමාරක් ,හෙරොයින් ග්‍රෑම් 650 ,හෑෂ්ස් ග්‍රෑම් 589 ක්,මුදල් 52500 ක් මත්ද්‍රව්‍ය කිරන තරාදි ,සීල් කරන උපකරණ ,ජංගම දුරකථන තුනක් , තිබු බවද පොලීසිය පවසයි.
සැකකරු රැදවුම් නියෝග මත වැඩි දුර පරීක්ෂණ පැවැත්වීමට පොලීසිය පියවර ගෙන ඇත.
මත්ද්‍රව්‍ය තොගය වැඩි දුර විමර්ශන සිදු කිරිමි සදහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට බාර දීමට පියවර නියමිතයි.

ගම්පහ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සනත් අමරසිංහ ,සහකාර පොලිස් අධිකාරී රුවන් නාරාවිටගේ , ගණේමුල්ල පොලිස් ථානාධිපති එස්.ඒ ප්‍රියන්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති පුෂ්පකුමාර , රථවාහන අංශයේ ස්ථානාධිපති මංජුල රාජපක්ෂ, සැරයන්වරුන් කීර්ති, තිලකරත්න, කොස්තාපල් වරුන්වන,බණ්ඩාර ,ඉසුරු ,නාමල් , ජයසිංහ යන නිලධාරිහු මෙම වැටලම සිදු කළහ.

වීඩියෝව නරඹන්න