Spread the love


නිමල් රාජපක්ෂ

නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, නාවික හමුදා සාමාජ සත්කාරක වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පොල්පිතිගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පළුගොල්ල, අඹගස්වැව ග්‍රාමයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම, පසුගියදා ( 24 ) සිදු කෙරිණි.

මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1122ක් ජනතා අයිතියට පත් කර ඇති තිබේ.
මෙම මධ්‍යස්ථානය මඟින් පළුගොල්ල, අඹගස්වැව ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම සමාජ සත්කාර්යය වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය දැක්වූ, කැනඩා රාජ්‍යයේ පදිංචි කැළුම් හේවගේ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් පිරිසක්ද, ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා එක්වී සිටියහ.