නිමල් රාජපක්ෂ
මැලේසියානු ජාතික දිනය 68 වන වරට අති උත්කර්ෂවත් ලෙස මැලේසියානු ජනතාව සමරණු ලැබුවා. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධාන කරන ලද සැමරුම් උලෙළක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් 31දින පස්වරුවේ කොළඹදී පැවැත්වුණි
දෙරටේ ජාතික ගීත වාදනයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් බදී හිෂාම් ආදම් ( Badhi Hisham Adam ) මහතා විසින් මැලේසියානු රජයේ නිළ සංදේශය ඉදිරිපත් කළ අතර ප්‍රධාන ආරාධිත ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා විසින් ශ්‍රී ලංකා රජයේ නිළ සංදේශය ඉදිරිපත් කරන්නට විනි.
එහිදී අමාත්‍යවරයා විසින් මැලේසියානු ජනතාවට සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකාවත් මැලේසියාවත් අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය ඉතා ගැඹුරු සහ අර්ථවත් සබඳතාවක් බව සදහන් කළා. එමෙන්ම කොවිඩ් වසන්ගතය වැනි රජයක් ලෙස මුහුණ දුන් ගැටළුකාරී අවස්තාවන් වලදී නැගීසිටීම සඳහා ශ්‍රී ලංකාවට මැලේසියානු රජය ලබාදුන් සහය කෘතඥතා පූර්වකව සිහිපත් කරන්නට වුනා.
1967 වර්ෂයේ මැලේසියානු අගමැති ටුංකු අබ්දූල් රහ්මන් ( Tunku Abdul Rahman ) මහතාගේ ශ්‍රී ලංකාවේ නිළ සංචාරය සිහිපත් කරමින් දෙරටේ රාජතාන්ත්‍රික සබඳතා ගොඩනැගුණු ආකාරයත් වර්ථමානය වන විට විශේෂයෙන් ආර්ථික, සමාජීය හා සංකෘතික වශයෙන් විවිධ ක්ෂේත්රන්ගේ පවතින සහයෝගීතාව අමාත්‍යවරයා විසින් පෙන්වාදෙන්නට වුනා.
