Spread the love

විදුලිබල මණ්ඩල සේවක ඉල්ලීම් වලට ආණ්ඩුව සාධනය පුතිචාර නොදක්වන්නේ නම් ඉතිහාසයේ දැවැන්තම වැඩවර්ජනයකට යැම නොවැළක්විය හැකි යැයි ලංවීම කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිය මහතා පැවැසිය.

එසේ වුවහොත් ජනතාවට සිදුවන අපහසුතා, ආර්ථික වශයෙන් සිදු විය හැකි පාඩුවල වගකීම සම්පූර්ණයෙන් භාරගත යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

ගැටලුවලට විසඳුම් ලබාදීමට අවස්ථාව ලබා දුන්නත් ආණ්ඩුව එය මග හැර හිතුවක්කාර ගමනක් යන බව ද පැවැසීය.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයට ආණ්ඩුව මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැති බැවින් මේ සති අන්තයේ ලබාදීමට නියමිත ඇතැම් සේවා අඩපණ විය හැකි බවද හෙතෙම කියා සිටියේය.

සේවක වප්‍රසාද පෙන්වා විදුලිය ගාස්තු වැඩි කිරීමට මණ්ඩලය සුදානම් වන බවත් සේවකයන් කිසි විටෙක ගාස්තු වැඩි කිරීමක් පිළිබඳ ඉල්ලීමක් කර නැති බවත් නැවත ගාස්තු වැඩි කිරීමකට යෑම විදුලි බල වෘත්තීය සමිතිවල දැඩි විරෝධය පළකරන බවත් කෝසල අබේසිංහ මහතා පැවැසීය