Spread the love

අද පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවක් මත උණුසුම් තත්වයක් ඇති විය.

මෙම විරෝධය ඇති වුණේ සභානායක බිමල් රත්නායක මහතා විසින් විපක්ෂ මන්ත්‍රීවරුන් ‘ලපයි සිපයි’ ලෙස හැඳින්වීමත් සමඟයි.

මෙම වචන ඉවත් කර ගන්නා ලෙස විපක්ෂය සභානායකවරයාගෙන් ඉල්ලා සිටි නමුත් රත්නායක ඇමතිවරයා කියා සිටියේ විපක්ෂය නිතරම කතානායකවරයාට අසභ්‍ය වචන භාවිතා කරන නමුත් ඒවා කිසි විටෙකත් ආපසු නොගන්නා බවය.

එහිදී විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ සභානායකවරයා විසින් ජනාධිපතිවරයාටද අපහාස කරන බවයි. ‘ලපයා කිව්වේ ජනාධිපතිතුමාට සිපයි කිව්වේ අපිට’ යයි පැවසූ ඔහු ලපයි කවුද සිපයි කවුදැයි සභා නායකවරයා පැහැදිලි කළ යුතු බවද කියා සිටියේය.

කථානායකවරයා පැවසුවේ අදාළ වචන සභා වාර්තාවෙන් ඉවත් කරන ලෙස තමා නියෝග කළ බවය.

ඇති වූ තත්වය මත සභාව විනාඩි දහයකට කල් තැබීමට කතානායකවරයා තීන්දු කලේය.