නිමල් රාජපක්ෂ
ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සේවකයකු රුපියල් මිලියන 210. 5 ක් වටිනා රත් බිස්කට් තොගයක් සිය කකුල් දෙකෙහි මේස් තුළ සගවාගෙන ගුවන් තොටුපලින් පිටවීමට යාමේදී අද (14) පෙරවරු 6.50 ට පමණ ගුවන් තොටුපල රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් රන්රන් තොගයේ රන්බිස්කට් තොගයේ කිලෝ ග්‍රෑම් 5.941 ක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පවසයි.
අදාල පුද්ගලයා ගුවන් සේවා සමාගමේ සේවය කරන 54 හැවිරිදි පුද්ගලයකු බවද පවසයි.

ඹහුට විදේශ රටක සිට පැමිණි අයකු රන් බිස්කට් තොගය ගුවන් තොටුපලින් එළියට රැගෙන ගොස් දෙන ලෙසට පවරා ඇතැයිද , එළියට රැගෙන ගොස් දිමට කිසියම් ගානක් ලබා දෙන බවට පොරොන්දු පිට වී ඇතැයිද රේගු නිලධාරීන් සැකකරන බවද පැවසුවේය.
සිද්ධිය පිළිබද රේගු නිලධාරීන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
