Spread the love

නිමල්  රාජපක්ෂ 
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරන විදේශ රැකියා පොළ සහ දැනුවත් කිරීමේ වැඩසටහන ත්‍රීකුණාමලය පෙරුන්තේරු  විග්නේෂ්වරා විද්‍යාලයේදී අද දින(20) පැවැත්වුණි
විදේශ කටයුතු හා විදේශ රැකියා  නියෝජ්‍ය  අමාත්‍ය අරුන්  හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විදේශ රැකියා පොළ සහ  දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ලියාපදිංචි විදෙස් රැකියා නියෝජිත ආයතන 20ක් පමණ සහභාගී වී සිටියාය .
මෙහිදී විගමනික ශ්‍රමික ප්‍රජාවගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අතිරේක  ලේකම් එස් සුදාහරන් යන මහතුන් ඇතුළු පිරිසක් එක් වී සිටියාය