තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය තිබී හමු වූ ලොරි තුනෙහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 245ක්, අයිස් කිලෝග්‍රෑම් 380ක්, පිස්තෝල 05ක් සහ ටී -56 ගිනි අවියක් සොයා ගත් බව පොලීසිය පවසයි.
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහිත විශාල ලොරි රථයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණි.අදාළ ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට හැකිව තිබේ.
මේ අතර, අද දහවල් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල ප්‍රදේශයෙන්ම සොයා ගැණුනි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ ලොරි රථයක තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවය.
