’
නිමල් රාජපක්ෂ
අපිට තනිවම දිනන්න අමාරු බවත්, වෘත්තිකයන් වශයෙන් එකට එකතුවී වැඩ කර, රට ගොඩනැගීමේ කාර්යයට දායක වන ලෙසත් ඒ සඳහා වත්මන් රජය වෘත්තිකයන් සහ වැඩකරන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් හා නිදහස ලබාදී තිබෙන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමයේ 35 වන වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිනි. බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී අද (.25) දින මෙම උත්සවය පැවැත්විණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා : “අපි සියලුදෙනා එකතුවීම වැදගත් වගේම ශක්තියක්. අයිවාසිකම් රැකගැනීම වෙනුවෙන් ක්‍රියාකිරීම අවශ්‍යයි. එය සියලු දෙනාගේ අයිතියක්. මාර්ග සංවර්ධන අධිකාරිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයේ විශාලතම සේවාවන් කරන ප්රමුඛ ආයතනයක්. එම ආයතනය තුළ අයිතිවාසිකම් වෙනුවෙන් එකතුවෙලා සටන් කරන ගමන් එකතුවෙලා සංවර්ධන වැඩ කිරීමටත් පෙළ ගැහෙන්න ඕනි. වර්ජනවලට නොගොස් අයිතිවාසිකම් දිනාගැනීම වැදගත්. ඒ සඳහා වැඩකරන ජනතාව සමග මේ රජය සිටිනවා, සැක තියාගන්න එපා. අයිතිවාසිකම් වෙනුවෙන් එක්ව සටන් කරමු. ඒ වගේම එකතුවෙලා වැඩත් කරමු. අයිතිවාසිකම් ලබා ගත යුතුයි කියන මතයේ ඔබත් සමග මමත් ඉන්නවා.
මේ රජය තීන්දු කරලා තියෙනවා රටේ යටිතල පහසුකම් සංවර්ධනයට ඉදිරි වසර හතර තුළ ඉහළම මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන්න. මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා දැවැන්ත ආයෝජනයන් ඉදිරියේදී කරනවා. අපේ රජයට දැන් වසරත් ගතවෙලා තියෙනවා. ආණ්ඩුව පිළිබඳ නිසි අවබෝධයක් ඇතුව අපේ අනාගත දරු පරපුරට ජීවත්වෙන්න පුළුවන් රටක් හදන්න වෘත්තිකයන් විදියට දායකත්වය ලබාදිය යුතුයි. පසුගිය කාලයේ වෘත්තිකයන් තෝරාගත්තේ ‘ෆයිට් කරනවා වෙනුවට ෆ්ලයිට් කිරීමයි.’
