Spread the love

නිමල් රාජපක්ෂ-

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, ඊයේ (24) දිවයිනෙන් පිටත්ව ගියහ.
එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම සංචාරයේදී, නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් එම විධාන මූලස්ථානයේදී පැවැත්වුණු අතර, ‘INS SATPURA’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහාද සහභාගී වුහ.