තිස්සමහාරාම මුතියම්මාන ප්රදේශයේදී අද (26) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් අවුරුදු 58ක් වයසැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇති අතර පෞද්ගලික ආරව්ලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වනවා
