නිමල් රාජපක්ෂ
මෙවර ලෝක අමද්‍යප දිනයට හා පොහොය දින දිවයින පුරා සුරාසැල් වසා තැබීමට නියෝග කර තිබියදි බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කල රටබීම හල් 5 ක් වටලා සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම් .බි.එන්.ඒ පේමරත්න මහතා දැණුවත් කිරිමෙන් පසු ඒ මොහොතේම සිීල් තැබීමට නියෝග කොට තිබිණ.්
මෙහිදි සීල් තබා තිබුණේ නාත්තන්ඩිය රටබීම හල් 2ක් හුංගම රටබීම හලක්(1)මඩාටුගම රටබිම හලක් හා පුප්බෝගම ආපන ශාලාවක් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතා පවසයි.
ලෝක අමද්‍යප දිනයට(3) සුරාසැල් වසා තැබිමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග නිකුත් කර තිබුණත් ඒවා ගණන් නොගෙන මත්පැන් අලෙවි කළ නාත්තන්ඩිය රටබිම හල් දෙකක් හුංගම රටබීම හලක් වෙස් වලාගත් සුරාබදු නිලධාරීන් ගොස් ම්ත්පැන් මිලදි ගෙන අදාල ස්ථාන කොටුකර ගැනීමට සමත්වී ඇත.
පොහොය දිනය දා(6) මඩාටුගම හා පුබ්පෝගම යන ස්ථාන දෙකෙහි පිහිටි ආපන ශාලාවක් හා රටබීම හලක් විවිත කොට මත්පැන් අලෙවි කිරීමේදී සුරාබදු නිලධාරීන් එම ස්ථානය වැටලු අවස්ථාවේ ඒ මොහොතේම සීල් තැබිමට සුරාබදු කොමසාරිස් වරයා නියෝග කොට තිබේ.
මෙහිදී අදාල මත්පැන් බලපත්‍ර ලාභීන්හට කාර්මික ආපරාධ වාර්තා ඉදිරිපත් කොට ඇති අතර ඉදිරියේදි සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත්කොට සමථ ගාස්තු අයකර ගැනීමට නියමිතය.
