නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන ගාලු වරායට ගෙන එන ලද ධීවර බෝට්ටුවේ හෙරොයින් කිලෝග්‍රෑම් 53.134ක් තිබූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ජාත්‍යන්තර මුහුදේදී මෙම බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගත් අතර, එහි සිටි පුද්ගලයන් 5 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.
